ඊයේ (18) උදෑසන 6 සිට සවස 6 දක්වා පැය 12ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 771 දෙනෙකු ඇතුලත් වේ. සෙසු පිරිස 792ක් වන අතර ඔවුන් අයිස් ඇතුලූ වෙනත් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි.
මීට අමතරව පුද්ගලයන් 3,061 දෙනෙකුට අවවාද කර තිබේ. ඒ මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය වැනි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් .