ප්රබල ගණයේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක පාතාල නායකයකු බව කියන නදුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණය ඊයේ (29) ප්රතික්ෂේප කළේය.
මීට අමතරව, මෙම නඩුවට අදාළව තවත් විත්තිකරුවන් දෙදෙනෙකු මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමද ප්රතික්ෂේප කිරීමට මහාධිකරණය පියවර ගත්තේය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය නිකුත් කරමින් ප්රකාශ කළේ, පවතින නීතිමය පසුබිම හමුවේ මෙම අවස්ථාවේදී අදාළ ඇප අයදුම්පත් සලකා බැලීමට හැකියාවක් නොමැති බවයි.
ඇප ඉල්ලීම් ප්රතික්ෂේප වීමට හේතුව
මීට පෙර කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බව මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින පසුබිමක, විත්තිකරුවන්ගේ ඇප අයදුම්පත් හෝ ඔවුන් මුදාහැරීමේ ඉල්ලීම් සලකා බැලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් මැද වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටියි.


