පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස

අන්සතු ඉඩමක පොල්ගෙඩි 20 ක් කැඩීමේ වරදට නියමවූ රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාර ගතකර සිටී  අයෙකු , එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර ඇත.

මතුගම ප්‍රදේශයේ පදිංචි එම්.එච්. වසන්ත නමැති රැදවියෙකු මෙසේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රැදවියා මීට වසර තුනකට පෙර මතුගම ප්‍රදේශයේ පිටස්තර අයෙකුගේ ඉඩමකින් පොල්ගෙඩි 20 ක් හොරෙන් කැඩීමේ වරදට රුපියල් 5000 ක දඩ මුදලක් නියමව ඇති බව බන්ධනාගාර සුභසාධක සංගමය පැවසීය.

බන්ධනාගාර අධිකාරී රෝහන ගලපත්ති, නියෝජ්‍ය  ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී ,  බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිළධාරී ගයාන් ලක්ෂිත යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *