නෙතන්යාහුගේ කතාව ආරම්භයේදී එක්සත් ජාතීන්ගේ සභා ශාලයෙන් දූතයන් දුසිම් ගණනක් පිටවෙයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය කතාව ආරම්භ කළ අවස්ථාවේදී රටවල් රැසක දූතයන් දුසිම් ගණනක් සභා ශාලයෙන් පිටව ගොස් තිබේ.

නෙතන්යාහුගේ කතාව පැවැත්වුණේ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ලෝක නායකයන්ගෙන් ඊශ්‍රායලයට එල්ල වන විවේචන තවදුරටත් දැඩි වෙමින් පවතින පසුබිමකය.

නෙතන්යාහු කථා කිරීමට වේදිකාවට පැමිණීමත් සමඟ විවිධ රටවල නියෝජිතයන් සභා ශාලයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණු අතර, ශාලාවේ විශාල කොටසක් පසුව හිස්ව පැවති බව වාර්තා වේ.

කතාව ආරම්භයේදීම සභා ශාලාවෙන් පිටව ගිය දූතයන් “සදාචාරාත්මක බියගුල්ලන්” ලෙස නෙතන්යාහු හැඳින්වූ අතර, තමන්ගේ අදහස් සමඟ එකඟ නොවන තවත් පිරිසක් සිටී නම් ඔවුන්ටද පිටව යන ලෙස ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *