නුවරඑළිය වෙළෙන්දෝ දෛණික රාජකාරියෙන් ඉවත් වෙති

දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන්   වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය.

මේ රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු රත්නායක මහතා නුවරඑලියේ පැවැති මාධ්‍ය හමුවක් දී මේ බව පැවසීය.

රජයට ඊට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *