අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට

අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ඝාතනය කෙරුණු මාලු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තිදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කීවේය.

සැකකරුවන් තිදෙනා අතර කාන්තාවක් ද සිටින බව ද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ඉදිරිපිටදී ඉකුත් 4 වැනිදා පෙරවරුවේ 10.21ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගියේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂ විතාන මිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාලු වයාපාරිකයෙකි.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන්  මේ ඝාතනය සිදු කොට පලා ගිය බවත් එම ඝාතනය සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාව මත කාන්තාව ඇතුලු සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

ඝාතකයන්ට මෝටර් රථය සැපයූ පුද්ගලයා කොළඹින්ද ඝාතනයවූ මාලු ව්‍යාපාරිකයා ගැන  ඔත්තු බැලුවේ යයි සැකකාරිය කොස්ගොඩින් ද අනෙක් සැකකරු වතුගෙදරින් ද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *