වන්නම්කුලම ප්රදේශයේදී නීතිවිරෝධී මදුල් තුවක්කු හතරක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට රුපියල් 80,000ක දඩයක් නියම කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය ඔක්තෝබර් 9 වැනිදා නියෝග කර තිබේ.
මොරගොඩ වනජීවී නිලධාරීන් විසින් ඔක්තෝබර් 3 වැනිදා වන්නම්කුලම ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් විසින් සැකකරු ඔක්තෝබර් 9 වැනිදා කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු සන්තකයේ තිබී සොයාගත් නීතිවිරෝධී මදුල් තුවක්කු හතරට අදාළ චෝදනා හතර සඳහා එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින්, සමස්තයක් ලෙස රුපියල් 80,000ක දඩයක් ගෙවන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.


