මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ එච්. එම්. ආර්. එම්. තිලකරත්න යන මහත්වරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අභියාචනාධිකරණයේ පැවති පුරප්පාඩු පිරවීම සඳහා මෙම විනිසුරුවරුන් දෙදෙනා පත් කර ඇති බවයි.


