දොස්තරලගෙ ස්ටිකර් ගලවන්නේ නෑ

නීතීඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහන වල අලවා ඇති ස්ටිකර්  ඉවත් කිරීමේ කිසිම තීරණයක් රජය විසින් ගෙන නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෛද්‍යවරුන් එවැනි  ස්ටිකර් ගසා ගෙන සිටීම රෝහල් වලට පිවිසීමේදී පහසුවක් බැවින් එවැනි කිසිම ලාංඡනයක් ඉවත් කරන්න රජය බලාපොරොත්තු වන්නේ නැතැයි නලින්ද ජයතිස්ස මහතා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ වෛද්‍යවරුන්ගේ වාහන ස්ටිකර් ඉවත්  කිරීමට රජය තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *