දේශබන්දු කමිටුවේ වාර්තාව එන සතියේ කතානායකට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මැතිසභා කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයාට භාර දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේ දිනවල  සකස් කෙරෙමින්  පවතින බවද දැනගන්නට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කෙරුණු  පරීක්ෂණ කමිටුව  සාක්ෂි වීමසීම පසුගියදා අවසන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.

කමිටුව පොලිස්පතිවරයාගෙන්ද කිහිප වතාවක්ම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මෙම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා විසින් කටයුතු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *