කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි

මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත.

මෙරටට රැගෙන ඒම තහනම් එන්ජීන් ධාරීතාවය 800 හා 400 යුත් යතුරු පැදි හතරක් හා කිසිදු නිත්‍යානුකුල ලියවිලි නොමැතිව සඟවා තිබු 250 ධාරිතාවයකින් යුතු යතුරුයක් බව පෙලිසිය කියයි.

අදාල යතුරු පැදි සමග අවුරුදු 50,45, හා 20 සිමා වල සැකකරුවන් සිව් දෙනකු මෙලෙස අත් අඩංගුවට ගත් බව වැටලිම් සදහා එක්වු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිළධාරීහු හා කල්පිටිය පොලිසිය කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *