දෙහිවල සතුන් වත්තෙන් පරවියන් 32ක් අතුරුදන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ   පරවියන්  තිස් දෙදෙනෙකු සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

ඉකුත් 4  වැනිදා  අලුයම් කාලයේදී මෙම සොරකම සිදුවී ඇති බව ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.පී සමන්මලී  මහත්මිය දෙහිවල පොලීසියට පැමිණිලි කර ඇත.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ පරවියන් 63 දෙනෙකු පසුගිය ජුනි මාසයේදී පොලිසියට බාරයට ගෙන තිබූ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි එම පරවියන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබිණ.

නැති වූ පරවියන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැත.දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *