දීගන ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ටෙල්දෙණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත අඟහරුවාදා සවස දීගන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,155ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 63,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අතර, එහි සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, තවත් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,250ක්, කඩු දෙකක් සහ හෙල්ල පිහියක් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ටෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


