මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සේවාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දැමීම පිළිබඳ රජය සලකා බලමින් සිටින බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයන් ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට යොමුවීම වැළැක්විය යුතු බවයි.
ඒ වෙනුවට තරුණයන් වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව වෙත යොමු කිරීම අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
“ත්‍රීරෝද රථ වෘත්තියට ඇතුළුවීමේ වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා. තරුණයන්ට පාසලෙන් ඉවත් වූ වහාම ත්‍රීරෝද රථයක් රැගෙන මාර්ගයට පිවිසීමට හැකියාව නොතිබිය යුතුයි. අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරමින් සිටින්නේ ඒ නිසයි,” යනුවෙන් ඔහු පැවසීය.


