බොරැල්ල කිතුල්වත්ත පාරේ නිවාස පෙළක අද ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් පිටත් කර ඇති බවයි.
ගින්නෙන් නිවාස පහකට ආසන්න ප්රමාණයක් විනාශ වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, සිද්ධියෙන් ජීවිත හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති බව බොරැල්ල පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.