ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තකට අදාළව අඛණ්ඩව දෙවැනි දිනයටත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණය ඊයේ (30) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

එම වරෙන්තුව පොලිස්පතිවරයා හරහා ක්‍රියාත්මක කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

මයාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *