කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන නව විදුලි දුම්රිය ව්‍යාපෘතිය ලබන වසරේ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන නව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතියට අදාළ මූලික සැලසුම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

යෝජිත විදුලි දුම්රිය සේවය මරදානෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මගීන්ට වඩා කාර්යක්ෂම සහ නවීන පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම එහි අරමුණ බවද ඔහු පැවසීය.

යෝජිත පද්ධතිය යටතේ රුහුණු කුමාරි දුම්රියෙන් බෙලිඅත්තේ සිට පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස නව විදුලි දුම්රිය ජාලය ඔස්සේ කොළඹ දෙසට ගමන් කිරීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, රටේ ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.

කොළඹ සහ අවට ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීම සඳහා මෙට්‍රෝ බස් රථ දැනටමත් හඳුන්වාදී ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *