ඩුබායි අත්අඩංගුවේ සිටි “බස් ලලිත් අනීදා” හෙට ශ්‍රී ලංකාවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත් අනීදා”  ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිසිය පවසයි.

සැකකරු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත ඩුබායි පොලිසිය විසින් සැකකරු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *