කොවිඩ් සිරුරු ආදාහනය කිරීමට විරෝධය පාමින් පිරිසක් මිනිපෙට්ටි ලබා නොදීම නිසා කොළඹ මෘත ශරීරාගාරයෙහි මෘතදේහ 5ක් දින ගනනක් තිස්සේ ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මියගොස් පැය 24ක් යාමට මත්තෙන් එම සිරුරු ආදාහනය කලයුතු වුවත් මෙම ගැටලුව හේතුවෙන් ග්දාතීන් සිරුර භාර නොගෙන මිනීපෙට්ටිද ලබා නොදී පිටවී ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුල් කල රෝගින් වන අතර ඔවුන් මිය ගිය පසු මරණ පරීක්ෂණයට යැවීමෙන් පසු මෙසේ මෘතදේහ භාර ගැනීම ග්දාතීන් මගහැර තිබුනි.මෙම මෘත ශරීර අතර කොම්පඤ්ඤවීදියේ දෙකක්, මරදානින් 01ක්, මාලිගාවත්තෙන් එකක් හා කොටුවේ එකක් ලෙස පවතී .