දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිත කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් සිදුකොට නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද අවධානරණ කරයි.


