කළුතර අයවැයත් පරාදයි

කළුතර  ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය.

සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද්  මහතා අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

එය සම්මත කරගැනීමට පෙර සමගි ජන බලවේගයේ  මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.

පසුව ලේකම් එරංග දේවපුර මහතා  ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ කෙරිණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 15  අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රී වරුන් විරුද්ධව ඡ්න්දය ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වූයේ නැත.

කළුතර  ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රී වරුන් ගණන 32 ක් වන  අතර, මන්ත්‍රී වරුන් 15 ක් ජාතික ජන බලවේගයද, මන්ත්‍රී වරුන් 17 අනෙකුත් පක්ෂද නියෝජනය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *