සජබ වැලිගම අයවැය දිනයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය – වැය වාර්තාව වැඩි ජන්ද 23 කින් සම්මත විය.

වැලිගම ප්‍රාදේශීය සභාව  රැස්වු අතර එහිදි වැඩබලන සභාපති ලෙස උපසභාපති දෙනගම රාහුල හිමියෝ කටයුතු කළහ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා ඝාතනය කිරීම හෙලා දකිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කළු ඇදුමින් සැරසි සභාවට පැමිණීහ.

එහිදි සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැය සඳහා පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදිමෙන් වැලකී සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *