කතරගම දේවාලයෙන් මහරගම අපේක්ෂා රෝහලට මුළුතැන් ගෙයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන්  සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඳුරු මුදල් සහ ආධාර වලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳි කළ  නව මුළුතැන්ගේ කාමරය (06) වෙනිදා විවෘත කෙරිණි.

රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉඳිකළ ප්‍රථම නවීන මුළුතැන් කාමරය මෙයයි.

පසුගිය වසරේ ආරම්භ කළ මෙම  සම්පූර්ණ ව්‍යාපෘතිය  සඳහා රුපියල් මිලියන 40 වැයකර ඇති අතර ඊට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලැබී ඇත.

විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස,රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න,කතරගම මහා දේවාලයේ හිටපු බස් නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *