පාසල් සිසු ප්‍රවාහන ගාස්තුවේ වෙනසක් නෑ

ඉන්ධන මිල වැඩිවුවද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ (6) පෙරවරුවේදී කීවේය.

ඉන්ධන මිල ඊයේ (6)සිට වැඩිවීම නිමිත්තෙන් අම්බලන්ගොඩදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී රුවන් ප්‍රසාද් මහතා එසේ කීවේය. සිය සංගමය මේ තීරණය ගත්තේ තමන්ගේ සේවය ලබා ගන්නා  පාසල් සිසුන්ගේ දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවද ඔහු කීය.

ජීවන වියදම ඉහල ගිය අවස්ථාවක මෙසේ ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් සිය සංගමය රජයට අප්‍රසාදය පල කරන බවද  ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *