සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල්-කයිමා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අවිෂ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් “වනතේ චතු” නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


