මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොදු ජන පෙරමුණ හෝ වෙනත් පක්ෂ විවේචනය කිරීමෙන් ඉවත්ව ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ක්රමවේදයක් සකස් කිරීමට මුල් තැන ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි. එම ක්රමවේද පිළිඹද සළකා බලා රටේ වෙනසක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්නැයි මහජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්රකාශ කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (23) පැවැති තරුණ ක්රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.