ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි

ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක  තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක්   සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

ප්‍රදේශවාසියෙකු විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් තොරතුරක් මත සිදුකළ පරික්ෂණයේදි මෙම ටී 56 වර්ගයේ ජීව පතුරම් තොගය සොයා ගෙන තිබුණි.

ගැටලාව වැවේ ඇලේ ජලය සිදියාම හේතුවෙන් මෙම පතුරම් තොගය මඩයට තිබෙන ආකාරය දුටු පුද්ගලයෙකු විසින් පොලිසියට ඒ බව දන්වා තිබුණි.

ගැටලාව වැවේ වැව ආසන්නයේ  තවත් පතුරම් තිබෙනු ඇති බවට පොලිසිය සැකපල කරයි. එම හේතුවෙන් නැවත වැවේ පිරික්සුම් කටයුතු  සිදුකිරිමට කටයුතු කරන බවද පොලිසිය පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *