පොළොන්නරුව පත්තිනි පෙදෙස ගම්මානයට පරාක්‍රම සමුද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වන අලි කඩාවැදීම හේතුවෙන් ගම්වාසීන් පීඩාවට පත්වී සිටී.
ගම්වාසීන් පවසන්නේ පරාක්‍රම සමුද්‍රය අවට ඉදිකර ඇති විදුලි වැට, ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් වෙනුවෙන් ගලවා ඉවත්කිරීම නිසා වනඅලි ගම්වැදීමට පටන්ගෙන ඇති බවය.
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පිහිටා ඇති ගම්මානයට දින 3ක පමණ සිට පරාක්‍රම සමුද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වනඅලි මෙලෙස පැමිණෙන බවද ගම්වාසින් පවසයි
මේ හේතුවෙන් වගාබිම්වලට ද විශාල හානියක් සිදුවෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මීට වසර ගණනාවකට ඉහතදී වනජීවි නිලධාරින් විසින් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආසන්නයෙන් ආරක්ෂිත විදුලි වැටක් සවිකර තිබුණි.
මේ අතර අලිවැට වහා ඉදිරිකර දෙන්නැයි බලකරමින් ප්‍රදේශවාසින් පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතට පැමිණ අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවිය.