ඇල්ලේ දියඇල්ලක් නැරඹීමට ගිය ඉතාලි ජාතික කාන්තාවක් ඇද වැටී මරුට

ඇල්ල, කිතුල් ඇල්ල ප්‍රදේශයේ දියඇල්ලක් නැරඹීමට ගිය 27 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ලිස්සා ඇද වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ එම විදේශීය කාන්තාව මිතුරෙකු සමඟ කිතුල් ඇල්ල දියඇල්ල නැරඹීමට ගොස් සිටියදී  පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය ඡායාරූප ගනිමින් සිටියදී ලිස්සා ඇද වැටී තුවාල ලබා ඇති බවයි.

අනතුරුව ඇය දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව ඇල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *