“ආණ්ඩුව මැවූ දිව්‍යලෝකය කඩා වැටිලා” – විපක්ෂ නායක

පසුගිය මැතිවරණ වලදී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව අන්දමන්දව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රිට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන් නම් දිව්‍ය ලෝකය සාදා ගෙන සිටින බවද හෙතෙම සඳහන් කළේය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *