සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ හමුවේ ආණ්ඩුව නිරුත්තර වී ඇති බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ ඊයේ (02) අලුත්කඩේ පැවති සිය අවසන් ජන රැලිය අමතමිනි.
“අපේ වැඩසටහන ඉදිරියේ අද රටේ ආණ්ඩුව නිරුත්තර වෙලා. ආණ්ඩුවට කට උත්තර නැති වෙලා. සමහරුන් හිතනවා අපේ වැඩ පිළිවෙලවල් ඡන්දය දිනන්න ලබා දෙන පොරොන්දු කියලා. නමුත් මේ යෝජනාවලට බැරෑරුම් අර්ථයක් මෙන්ම, මේවා පසුපස ආර්ථික විද්‍යාත්මක පදනමක්ද තිබෙනවා. අද ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ” යැයි ඒ මහතා ජන හමුව අමතමින් පැවසීය.