ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අනියම් සේවකයින් බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම සඳහන් කළේ විමර්ශන නිලධාරීන් විසින් දසනායක මහතා අත්අඩංගුවට ගත් බවයි.
2023 සහ 2024 වසරවලදී ලංකා ඛනිජ වැලි සමාගමට අනියම් සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම චෝදනා එල්ල වී තිබේ.
අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් සහ නියමිත බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව එම සේවකයින් බඳවාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
එලෙස බඳවා ගත් අනියම් සේවකයින් සඳහා රුපියල් 34,438,650.42ක වැටුප් ගෙවා ඇති බවත්, එමගින් ඔවුන්ට අයුතු ප්‍රතිලාභයක් ලබාදී ඇති බවත් අල්ලස් කොමිසම පවසයි.
මෙම බඳවා ගැනීම් සහ ඉන් අනතුරුව සිදු කළ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් දූෂණ වරදක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා මත හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් උදේනි ජයරත්න දසනායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.



