අකුරේගොඩ ප්රදේශයේදී සිදුවූ දරුණු වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු නීතිඥ බුද්ධික මල්ලවආරච්චි නැමැත්තෙකු බව සහ අනෙක් කාන්තාව ඔහුගේ බිරිඳ බව පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම දෙදෙනා සිය මෝටර් රථය තුළ රැඳී සිට තිබුණා.
තවත් මෝටර් රථයකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් T-56 වර්ගයේ ග්නි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
තලංගම, අකුරේගොඩ ප්රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ඉලක්ක කරමින් වෙඩිතැබීමක් සිදු කර තිබුණේ අද පස්වරු 4.50ට පමණයි.
ඒ, තලංගම, අකුරේගොඩ ප්රදේශයේ කීල්ස් සුපිරි වෙළඳසැලක රථ ගාල් කිරීමේ අංගනයක් තුළයි.
වෙඩි ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩිතැබීමෙන් මිය ගිය නීතිඥවරයාගේ වයස අවුරුදු 45ක් බවත්, ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 42ක් බවයි.


