අකිල විරාජ් කාරියවසම් ඇතුළු දෙදෙනෙකුට ඇප

දූෂණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව, එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම, සැකකරුවන් දෙදෙනාටම විදේශගත වීම තහනම් කරමින් සංචාරක තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *