ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ලීසිං ක්රමයට වාහන 16ක් ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
මෙම වාහන ලීසිං ක්රමයට ලබා ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්ද මේ වන විට නිකුත් කර ඇති බව මන්ත්රීවරයා සඳහන් කළේය.
“මේ පිළිබඳව ඔබතුමන්ලා දැනුවත් නැත්නම් කරුණාකර මේ ගැන සොයා බලන්න,” යනුවෙන් මන්ත්රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.


