2026/27 මහ කන්නයේ වී ගොවීන්ට හෙක්ටයාරයකට රු. 30,000ක පොහොර සහනාධාරයක්

2026/27 මහ කන්නයේ වී වගාවේ නිරත ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත. අදාළ සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ඇතුළු අදාළ ආයතනවල අදහස්ද සැලකිල්ලට ගෙන තිබේ.

ඒ අනුව, වී වගාව සඳහා හෙක්ටයාරයකට රු. 30,000ක මූල්‍ය පොහොර සහනාධාරයක් ලබාදීමට නියමිත අතර, එක් ගොවියෙකුට උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාරය හිමි වේ.

මෙම වැඩසටහන සඳහා රු. බිලියන 16ක පමණ මුදලක් වෙන් කිරීමට නියමිතය.

2026/27 මහ කන්නය සඳහා පොහොර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් රජය මේ වන විටත් යූරියා පොහොර මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතර, මහ කන්නයේ වී සහ අනෙකුත් බෝග සඳහා හෙක්ටයාර 800,000ක පමණ භූමි ප්‍රමාණයක් වගා කිරීමට ඇස්තමේන්තු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *