WhatsApp හරහා උසස් පෙළ විභාග වංචාවක්

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දීමට මන්නාරම ප්‍රදේශයේ සිසුවෙකුට සහය වූ ගුරුවරියකගේ ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මන්නාරම – මඩු ප්‍රදේශයේ පදිංචි සිසුවාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීම සඳහා ගුරුවරයා WhatsApp භාවිත කර පිළිතුරු යවා ඇති බව වාර්තා වේ.

මෙම සිසුවා විභාග පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අඟහරුවාදා (15) මන්නාරම අඩම්පන් පොලිසියට භාරදී ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලකට අනුව විභාග ශාලාධිපති සහ උප ප්‍රධානියා සහ පාසලේ රාජකාරියේ යෙදී සිටි තවත් ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් වෙනුවට වෙනම කාර්ය මණ්ඩලයක් පත් කිරීමට ද කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අඩම්පන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර විභාග දෙපාර්තමේන්තුව සහ මඩු කලාප අධ්‍යාපන කාර්යාලයද වෙන වෙනම පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *