T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20 ලෝක ශූරියන් ලෙසින් අභිෂේක ලැබූහ.

ඒ අනුව 7වැනි වරටත් වි20 ලෝක කුසලානය දිනූ ඔවුන්, තමන්ට අභියෝග කිරීමට වෙනත් කිසිදු කණ්ඩායමක් නොමැති බව යළත් ලෝකය හමුවේ සනාථ කර සිටියේය.

අද අවසන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර ඔස්ට්‍රේලියාවට තරමක අසීරු ඉලක්කයක් ලබාදුන්නේය.

කෙසේ නමුත් එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගත්හ.

ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 18 (17.1) වැනි පන්දුවාරයේදී පසුකර යෑමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *