STF හෙළිකර ගත් ඉන්ධන ජාවාරම

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලබන ආයතනයන්ගෙන් ඉන්ධන සොරා ගත් ඉන්ධන ජාවාරමක් වැටලීමට සමත්ව තිබේ.

ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් වේයන්ගොඩ පොලිස් වසමේ වදුරව දුම්රිය පොළ ආසන්නයේ දී එම වැටලීම සිදුකර පුද්ගලයින් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන සමාගමක් මඟින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යොදවා ඇති වාහනවලින් සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා එම ඉන්ධන ජාවාරම සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන් සමඟ ඉන්ධන පුරවන ලද බවුසරයක් හා තවත් ට්‍රක් රථ 5ක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ජංගම දුරකථන 8ක් සහ මුදලින් රුපියල් 42,200ක මුදලක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25, 24, 40, 47, 46, 50 යන වයස්වල පසුවන ඌව පැල්වත්ත, කඩවත, වේයන්ගොාඩ, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය හා මාතර පදිංචිකරුවන් ය.

ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් හා අත්අඩංගුවට ගත් භාණ්ඩ වේයන්ගොඩ පොලීසියට භාර දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *