යාල ජාතික වනෝද්‍යානයේ වෙඩි හුවමාරුවකින් සැකකාර දඩයක්කරුට තුවාල

අඟහරුවාදා (11) යාල ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ වැටලීමකදී වනජීවී නිලධාරීන් සහ සතුන් දඩයම් කළ බවට සැක කෙරෙන පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු තුවාල ලබා අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන පරිදි, තණමල්විල පිහිටි යාල ජාතික වනෝද්‍යාන මූලස්ථානයට අනුයුක්ත වනජීවී නිලධාරීන් වනෝද්‍යානය තුළ සතුන් දඩයම් කළ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර, තිස්සමහාරාම, ඇල්ලගල වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී මුව මස් තොගයක් සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සොයාගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.

තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, පසුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු අගෝස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *