බැංකොක් සිට ගුවනින් මෙරටට ගෙන ආ කිලෝ 5කට වැඩි කුෂ් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

බැංකොක් සිට ගුවනින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන කිලෝග්‍රෑම් 5කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත අද උදෑසන සිදු කළ මෙහෙයුමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.166ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *