ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක්ශ් රී ලංකාවට පැමිණීමට නියමිත බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
නෞකාව පැමිණි වහාම හැකි ඉක්මනින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව සමාගම සඳහන් කළේය.
මෙම ගෑස් තොගය ලැබීමත් සමඟ ඉදිරි දින තුන තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්රෝ සමාගම පැවසීය.
අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීමේ වැඩපිළිවෙළ යටතේ, අද දිනයද ඇතුළුව පසුගිය දින තුන තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් දැනටමත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
අනවශ්ය ලෙස ගෑස් සිලින්ඩර තොග රැස් කිරීමෙන් වළකින ලෙසද ලිට්රෝ සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.


