හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ සිට නවලෝක රෝහල වෙත මාරු කර තිබේ.
ඇයගේ සෞඛ්ය තත්ත්වය සැලකිල්ලට ගෙන වෛද්ය උපදෙස් මත මෙම මාරු කිරීම සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව රෝගාතුර වීම හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. පසුව අධිකරණය මඟින් ඇයට ඇප ලබාදීමෙන් අනතුරුවද ඇය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියාය.


