Paypal සේවාව ලංකාව තුළ සක්‍රීය කිරීටම මැදිහත් වෙනවා – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාව තුළ Paypal සේවාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබද සොයාබලා ඒ වෙනුවෙන් මැදිහත් වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ පිළිඹද එතුමා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

“කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මට පෙනීගිය කරුණක් වන්නේ, අනෙක් රටවල ව්‍යවසායකයන් eBay වැනි ජාලගත වෙළෙද පොළවල් හරහා ඉතා සක්‍රීයව කටයුතු කරමින් සිටින අවධියක ශ්‍රී ලංකාවේ විවධ ක්ෂේත්‍ර වල ව්‍යවසායකයින් දේශීය වෙළෙද පොළට පමණක් සීමා වි ඇති වාතාවරණයක් පවතින බවයි. ඊට හේතු වී ඇත්තේ ජාලගත වෙළෙද පොළ තුළ කටයුතු කිරීමට ඇති බාධාවන්. ඒ බාධාවන් වලදී බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ PayPal වැනි මුදල් සංසරණය වීමට යොදාගන්නා ක්‍රමවේදයේ අපට තිබෙන යම් යම් සීමා සහිත භාවයන්.

බොහෝ පිරිස් පෙළඹි ඇත්තේ වෙනත් රටක වෙනත් ලිපිනයක් යටතේ වංචනික ලෙස PayPal ගිණුමක් විවෘත කරගැනීමටයි. එය දැඩි අවදානම් තත්වයක්. PayPal භාවිතා කිරීම සම්බන්ධ මෙරට තිබෙන බාධා හේතුවෙන් රටෙන් මුදල් එලියට ඇදී යාමක් පමණක් සිදුවනවා, රට තුළට මුදල් ගලා ඒමක් සිදු නොවීමෙන් රටට විශාල විදේශ විනිමයක් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. අද ලංකාවේ තරුණ පිරිස් තොරතුරු තාක්ෂණය ව්‍යවසායකයින් ලෙස විශාල ප්‍රගතියක් පෙන්වා ඇති තත්වයක ඒ සදහා රජයක් ලෙස ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී PayPal වැනි මාධ්‍ය භාවිතා කිරීමට ඇති බාධා ඉවත් කිරීම රජයේ වගකීමක්. දැනට PayPal භාවිතා නොවීමට ප්‍රධාන හේතුව වන්නේ එම සමාගම මේ සදහා සහයෝගය නොදැක්වීමයි. දැනට තමා හිටපු මහබැංකු අධිපති අජිත් කබ්රාල් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මම ඔහුගෙන් ඉල්ලා සිටියා අග්‍රාමාත්‍ය තුමාගේ උපදේශකයෙක් ලෙස මේ කටයුත්තට මැදිහත් වී මේ පිළිඹද සොයා බලන ලෙසටත්. ඒ වගේම මේ පිළිඹද මහ බැංකුවේ අවධානයත් යොමු කර පේපෑල් සමාගමට ඇති ගැටලු වලට පිළියම් සොයා බලා, අන්තර්ජාලය ඔස්සේ ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යන මූල්‍යමය ගණුදෙනු කිරීමෙ යටිතල පහසුකම් මීට වඩා සක්‍රීය කිරීමට”.

“ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ කාලයේ වැඩි දියුණු වූ තොරතුරු තාක්ෂණය තව තවත් වර්ධනය කිරීමේ වගකීම හා වැඩ පිළිවෙළ අංගසම්පූර්ණ කරන්න. එය මේ රටේ තරුණ දූ දැරියන්ට දෙන විශාල දිරි ගැන්වීමක් ලෙස මා දකිනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *