කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකුට පහරදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු සීගිරියේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අගෝස්තු 28 වැනිදා සීගිරියේ අවන්හලක සැඟව සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට මුල් වී ඇත්තේ ජූලි 23 වැනිදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකි.
එහිදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදී ඇති අතර, එක් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තිබේ.
පසුව පැහැරගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර ඇහැළියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චීන ජාතිකයන් තිදෙනෙකු සොයා ගැනීම සඳහා මීට පෙර පොලිසිය මහජන සහායද ඉල්ලා තිබිණි.
සීගිරියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



