Mrs World ශ්‍රී ලංකා ආරවුල සම්බන්ධයෙන් රෝසිට නීතිමය පියවරක්

රෝසි සේනානායක මහත්මියට සහ මිසිස් වර්ල්ඩ් සංවිධානයට එරෙහිව චෝදනා එල්ල වූ යූ ටියුබ් නාලිකාවකට සහ එහි සම්මුඛ පරීක්‍ෂකවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටී.

හිටපු ලෝක රූ රැජින රෝසි සේනානායක මහත්මිය විසින් තමන්ට මිසිස් වර්ල්ඩ් කිරුළ අහිමි කළ බවට ශ්‍රී ලංකා පුෂ්පිකා ද සිල්වා මහත්මිය චෝදනා කළාය.

යූ ටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මිසිස් වර්ල්ඩ් කිරුළ තමාට හිමිවිය යුතු බවයි.

මිසිස් ඇමරිකා මිසිස් වර්ල්ඩ් කිරුළ පසුගියදා දිනාගත් අතර ශ්‍රී ලංකාවේ පුෂ්පිකා ද සිල්වා පළමු තරගකාරියන් හය දෙනා අතරට පැමිණ සිටියාය.

මිසිස් වර්ල්ඩ් 2022 අවසන් මහා තරගය නෙවාඩා හි ලාස් වේගාස්හිදී පැවැත්විණි. ඇමරිකා ෂේලින් ෆෝර්ඩ් මහත්මිය ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳූ අතර ජෝර්ඩන් මහත්මිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුශූරියන් වූහ.

කෙසේ වෙතත්, ඇතැම් විනිසුරුවරුන් තමන්ට ඡන්දය දුන් බව පැවසූ බව පුෂ්පිකා ද සිල්වා කියා සිටියා.

ලාස් වේගාස් හි පැවති අවසන් මහා තරගයට ද සහභාගී වූ රෝසි සේනානායක එම තීරණය වෙනස් කිරීමට සංවිධායකයින්ට බලපෑම් කර කිරුළ ඇයට අහිමි වූ බවට ඇය සැක කරයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන සේනානායක මහත්මිය පවසන්නේ යූ ටියුබ් නාලිකාවට, එහි හිමිකරුට සහ සම්මුඛ පරීක්‍ෂකවරයාට එරෙහිව සිවිල් අපහාසයක් ආරම්භ කරන ලෙස තම නීතිඥවරුන්ට උපදෙස් දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *