LPL සඳහා අවසර ඉල්ලුවේ නැහැ: ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ හිමිකම් දරන්නා මෙවර LPL තරඟාවලිය පැවැත්වීමට පෙර තමාගේ අවසරය ඉල්ලා නොසිටි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා නීතියට අනුව ඕනෑම තරගාවලියකට පෙර ඔහුගේ කැමැත්ත ලබාගැනීම අවශ්‍ය බවයි.

“මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරුන් යටතේ මෙම තරඟාවලිය ක්‍රීඩා කළේ කෙසේදැයි මම නොදනිමි, නමුත් ඔවුන් මගේ අවසරය ලබාගෙන නැහැ,” අමාත්‍යවරයා පැවසීය.

“ක්‍රීඩා නීතියේ ප්‍රතිපාදන අනුව තරගාවලිය සඳහා අනුමැතිය ලබා ගන්නා ලෙස මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෙවරක් ලිව්වා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ,” රණසිංහ වැඩිදුරටත් පැවසීය.

“මේ නිසා තමයි මට ආරාධනා ලැබුණත් මම තරගාවලියේ සමාරම්භක උත්සවයට නොගියේ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් කළු පැල්ලමක්,” අමාත්‍ය රණසිංහ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *