LITRO ගෑස් බෙදා හැරීම අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නැවත ආරම්භ වේ

LITRO Gas Lanka Ltd විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආහාර පිසීමේ ගෑස් බෙදා හැරීම අද සිට යළි ආරම්භ කරන අතර අනෙකුත් ප්‍රදේශවල බෙදා හැරීම බදාදා (13) සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කර ඇත.

ලිට්‍රෝ ලංකා සමාගම පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක කොළඹ උපරිම සිල්ලර මිල රු. 4,910 ක් වන අතර වැඩි මිලක් ගෙවා හෝ වෙනත් පාර්ශ්වවලින් ගෑස් මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස්කර තබා ගැනීම වැළැක්වීම සඳහා ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා මැයි මාසය සඳහා වන විදුලි බිල්පත් ඉදිරිපත් කරන ලෙස ද පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට අදාළ තොරතුරු තම සමාජ මාධ්‍ය සහ LITRO Lanka වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කරන බව සමාගම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *