KDU පිවිසුම් සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් සිසු අයිතියට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා අවස්ථා නොලද දක්ෂ සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රටට විශාල සේවයක් කරන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා පවසයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අද (10) එහි පැවති උත්සව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර 2022 වසරේ සිට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව පීඨ 2ක් හඳුන්වා දීම තවත් ඉදිරි පියවරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාතික ආරක්ෂාවට මෙන්ම තිරසර සංවර්ධනය අරමුණු කරගත් වෘත්තීමය නිලධාරීන් බිහිකරන මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

එහි මෙතෙක් පැවති ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09 ට අමතරව තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු අද දින සිට ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *