“Kandy Odyssey” දුම්රිය සේවාව අද සිට ආරම්භ කරයි.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කොළඹ කොටුව සහ මහනුවර අතර ‘Kandy Odyssey’ දුම්රිය සේවාව අද ආරම්භ කළේය.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා නව දුම්රිය සේවාව ආරම්භ කර ඇත.

‘Kandy Odyssey’ සෑම සති අන්තයකම ක්‍රියාත්මක වන අතර කොළඹ කොටුවෙන් පෙරවරු 6.30 ට පිටත් වන අතර පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වීමට නියමිතය.

එමෙන්ම මහනුවරින් පස්වරු 4.50 ට පිටත් වන දුම්රිය පස්වරු 7.40 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන අතර දුම්රිය ගමනේ කාලය පැය 02 විනාඩි 48 කි.

පළමු පන්තියේ ටිකට් පතක් රු. 2000/- ක් වන අතර 2 වන පන්තියේ ටිකට් එකක මිල රු. 1500/- කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *